Home » පිතගුරුස් - ග්‍රීක රෝම ආචාර්ය පරපුරේ සමාරම්භක බුද්ධ පුත්‍රයා by කොලට් සේනානයක
පිතගුරුස් - ග්‍රීක රෝම ආචාර්ය පරපුරේ සමාරම්භක බුද්ධ පුත්‍රයා කොලට් සේනානයක

පිතගුරුස් - ග්‍රීක රෝම ආචාර්ය පරපුරේ සමාරම්භක බුද්ධ පුත්‍රයා

කොලට් සේනානයක

Published March 2006
ISBN :
Paperback
95 pages
Enter the sum

 About the Book 

(පසු කවරයේ හැඳිනවීම)ඉනදියාවේ තකෂිලා විශව විදයාලය පැවති සමයේ එහි ආචාරය ධුරයක හොබවමින සිටි භිකෂූන වහනසේ නමක, එකල ගරීසීයට අයතව තුබූ නගරයක (වරතමාන ඉතාලියට අයත Croton) තකෂිලා සමපරදායයේ බෞදධ අධයාපන ආයතනයක පිහිටුවූහ. මේ ආයතනය දෙස විදෙස සිසු සිසුවියන අතර සීඝMore(පසු කවරයේ හැඳින්වීම)ඉන්දියාවේ තක්ෂිලා විශ්ව විද්‍යාලය පැවති සමයේ එහි ආචාර්ය ධුරයක් හොබවමින් සිටි භික්ෂූන් වහන්සේ නමක්, එකල ග්‍රීසීයට අයත්ව තුබූ නගරයක (වර්තමාන ඉතාලියට අයත් Croton) තක්ෂිලා සම්ප්‍රදායයේ බෞද්ධ අධ්‍යාපන ආයතනයක් පිහිටුවූහ. මේ ආයතනය දෙස් විදෙස් සිසු සිසුවියන් අතර සීඝ්‍රයෙන් ජනප්‍රිය වූයේය. එහි අධ්‍යාපනය ලැබූවෝ, ග්‍රීක, රෝම රාජ්‍යයන්හි මතු නොව, සිරියාව, ලිබියාව, කනානය ඈ රාජ්‍යයන්හි පවා බුදු දහම ප්‍රචලිත කළහ.ග්‍රීක රෝම බෞද්ධ ආචාර්ය පරපුරේ සමාරම්භක ගුරුතුමා පිතෘගුරු වූයේය. මේ නම ජනවහරට එක් වූයේ පිතගුරුස් (Pih THAG uhr uhs) යනුවෙනි.ලංකාවේ පාසල් වල උගන්වනු ලබන පෛතගොරස් ගණිතඥයා මෙන්ම ඇතැම් මහාචාර්යවරුන් වහලකු වශයෙන් හඳුන්වා ඇති ඊසොප් ද පිතගුරුස්තුමාම වන බව මේ කෘතිය නිදසුන් සහිතව පෙන්වා දෙයි.මේ ග්‍රන්ථය විදේශීය ග්‍රන්ථයක පරිවර්තනයක් නොව, පිතගුරුස්තුමා පිළිබඳව කෙරුණු ගවේෂණයකින් අනතුරුව සම්පාදනය කරන ලද්දකි. මෙහි ඇතුළත් යවන ඉතිහාස කතාවෙහි සිංහල ජාතියේ ආරම්භය පිළිබඳ අප්‍රකට ඉතිහාස පුවත් රාශියක් අන්තර්ගත වේ.